Skip to content

පටුනට යන්න

දෙවිගෙන් ලැබී තිබෙන වරප්‍රසාද අගය කරන්න

දෙවිගෙන් ලැබී තිබෙන වරප්‍රසාද අගය කරන්න

යොවුන් ඔබට

දෙවිගෙන් ලැබී තිබෙන වරප්‍රසාද අගය කරන්න

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: ඊසාක්, රෙබෙකා, යාකොබ් සහ ඒසව්.

සාරාංශය: ඒසව් කුලුඳුල් පුත්‍රයා ලෙස තමාට හිමිව තිබූ වරප්‍රසාද යාකොබ්ට විකුණයි.

1 සිතින් මවාගන්න.—උත්පත්ති 25:20-34 දක්වා කියවන්න.

කුසේ සිටියදී පවා යාකොබ් සහ ඒසව් හැසිරුණු ආකාරයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

․․․․․

යාකොබ්ගේ සහ ඒසව්ගේ හැඩරුව ඔබ විස්තර කරන්නේ කෙසේද?

․․․․․

යාකොබ් සහ ඒසව් අතර ඇති වූ සංවාදයේදී ඔවුන් දෙදෙනා තුළ ඔබ දකින්නේ කුමනාකාරයේ ගතිගුණද? (උත්පත්ති 25:30-33)

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

අමතර පර්යේෂණයක් කරමින් අතීතයේදී කුලුඳුල් පුත්‍රයෙකුට හිමි වූ වරප්‍රසාද මොනවාද කියා සොයා බලා මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. කුලුඳුලෙකුට හිමි වූ වරප්‍රසාද කොතරම් වැදගත්ද? ඒසව් කුලුඳුලා ලෙස තමාට හිමි වූ වරප්‍රසාද කෑම වේලක් වෙනුවෙන් විකිණීම මොන තරම් බරපතළ දෙයක්ද?

․․․․․

2 සිතින් මවාගන්න.—උත්පත්ති 27:1-10, 30-38 දක්වා කියවන්න.

කුලුඳුලාට හිමි ආශීර්වාද සියල්ල යාකොබ්ට ලැබී තිබෙන බව දැනගත් විට ඒසව් පැවසූ දේවලින් ඔහු තුළ කුමනාකාරයේ හැඟීම් ඇති වූ බව පෙනී යනවාද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

යාකොබ්ට ආශීර්වාද හිමි වෙන ආකාරයට රෙබෙකා සියල්ල සැලසුම් කිරීම හරිද වැරදිද? ඊට හේතුව කුමක්ද? (උත්පත්ති 25:23, 33)

․․․․․

3 පහත සඳහන් දේ ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

තම ආශාවන් පිනවාගැනීම සඳහා දුර දිග නොබලා වැඩ කිරීමෙන් සිදු විය හැකි හානිය.

․․․․․

මේ ගැනත් සිතන්න.

යෙහෝවා දෙවිගෙන් ඔබට ලැබී තිබෙන වරප්‍රසාද මොනවාද?

․․․․․

යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන වරප්‍රසාද අගය කරන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න. www.watchtower.org