Skip to content

පටුනට යන්න

6. ශුභාරංචිය පොළොව පුරා ව්‍යාප්ත වීම

6. ශුභාරංචිය පොළොව පුරා ව්‍යාප්ත වීම

6. ශුභාරංචිය පොළොව පුරා ව්‍යාප්ත වීම

‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.’—මතෙව් 24:14.

● පැසිෆික් සාගරයේ ටුආමොටු දූපත්වලට අයත් එක් දූපතක ජීවත් වන වයටියා නම් කාන්තාව හමු වීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොස් තිබෙනවා. වර්ග කිලෝමීටර් 8,02,900ක් පුරා පැතිරී තිබෙන ටුආමොටු දූපත් සමූහයට දූපත් 80ක් පමණ අයත් වෙනවා. නමුත් එහි ජීවත් වෙන්නේ 16,000ක් පමණ දෙනෙක් විතරයි. එවැනි ඈත එපිට පිහිටි තැන්වලට පවා සාක්ෂිකරුවන් යන්නේ ඇයි? ඊට හේතුව දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලුදෙනාටම දැනුම් දීමට ඔවුන් මහත් ආශාවකින් සිටීමයි.

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? මේ වන විට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරාම ප්‍රචාරය වෙමින් තිබෙනවා. පසුගිය වසරේදී සාක්ෂිකරුවන් රටවල් 236ක ශුභාරංචිය ප්‍රචාරය කර තිබෙන අතර ඒ සඳහා පැය බිලියන 1.6කටත් වඩා වැය කර තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ සෑම සාක්ෂිකරුවෙක්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා සාමාන්‍යයක් ලෙස දිනකට විනාඩි 30ක් වැය කර තිබෙන බවයි. ගෙවී ගිය දශකය තුළ ඔවුන් බයිබලය මත පදනම් ප්‍රකාශන බිලියන 20කට වඩා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පොදු මතය කුමක්ද? ශුභාරංචිය දේශනා කිරීම මෑතකදී ඇරඹුණු දෙයක් නෙවෙයි. අතීතයේ සිටම එය සිදු වී තිබෙනවා.

එම මතය පිළිගත හැකිද? අතීතයේදී බොහෝ අය ශුභාරංචිය ප්‍රචාරය කිරීමට පියවර ගත්තත් එය කෙටි කාලයකට හෝ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණා. ඉතිහාසයේ කිසිම දිනක අද මෙන් ශුභාරංචිය ප්‍රචාරය වී නැහැ. සාක්ෂිකරුවන් සංවිධානාත්මක ලෙස මේ කාලයේ ලොව වටා සිටින මිලියන ගණනකට ශුභාරංචිය දේශනා කරනවා. ඇතැම් බලවත් සංවිධාන ඔවුන්ට විරුද්ධව නැඟී සිටියද සාක්ෂිකරුවන් අඛණ්ඩව එහි නියැලී තිබෙනවා. * (මාක් 13:13) එම කාර්යය වෙනුවෙන් ඔවුන්ට කිසිම ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් කැමැත්තෙන්ම එම සේවයේ නිරත වන අතර කිසිම ප්‍රකාශනයක් මුදලට විකුණන්නේද නැහැ. ශුභාරංචිය පොළොව පුරා ප්‍රචාරය කිරීම සඳහා වැය වන මුදල් පියවෙන්නේ කැමැත්තෙන්ම කරන සම්මාදම්වලිනුයි.

ඔබ සිතන්නේ කුමක්ද? “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” අද පොළොව පුරාම ප්‍රචාරය වෙනවාද? අවසාන කාලයේදී ශුභාරංචිය පොළොව පුරාම ප්‍රචාරය වන බවට සඳහන් අනාවැකිය අද දින ඉටු වීමෙන් අදහස් වන්නේ අනාගතයේදී හොඳ කාලයක් උදා වෙන බවද?

[පාදසටහන]

^ 6 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් සම්පාදිත “Faithful Under Trials,” “Purple Triangles,” “Jehovah’s Witnesses Stand Firm Against Nazi Assault” යන වීඩියෝ පට තුන බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවි ඉඩ දෙන තුරු අපි හැකි සෑම ආකාරයකින්ම මිනිසුන්ට ශුභාරංචිය ගැන උද්‍යෝගයෙන් දේශනා කරනවා.”—2010 YEARBOOK OF JEHOVAH’S WITNESSES.