Skip to content

පටුනට යන්න

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

● අභ්‍යවකාශයේ සිට බලන විට පෘථිවිය නිල් මැණිකක් සේ දිස් වෙනවා. නමුත් ළං වී බලන විට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිසුන් පරිසරය දූෂණය කරනවා, කැලෑ විනාශ කරනවා, ඉවක් බවක් නැතුව ස්වාභාවික සම්පත් නාස්ති කරනවා. ඊට අමතරව මිනිසුන් දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහරිමින් සදාචාරය පිරිහුණු ජීවිත ගත කරනවා. ප්‍රතිඵලයක් ලෙස ලේ වැගිරවීම්, අපරාධ හා අනාචාර ක්‍රියා බහුලව සිදු වෙනවා.

මෙවැනි තත්වයක් ඇති වෙන බව මීට වසර 1,900කට පමණ පෙර බයිබලයේ වාර්තා කර තිබෙනවා. (2 තිමෝති 3:1-5; එළිදරව් 11:18) ඒ වගේම සියලුම ප්‍රශ්න ගැටලුවලට විසඳුම දිය හැක්කේ දෙවිට පමණක් බවත් එහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා වටිනා තොරතුරු ‘දෙවිගේ රාජ්‍යය පැමිණේවා!’ යන තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුවේ ප්‍රධාන දේශනයෙන් අපට ඉගෙනගත හැකියි. එම දේශනයේ තේමාව වන්නේ “මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද” යන්නයි. ලොව පුරාම පැවැත්වීමට නියමිත මෙම දිස්ත්‍රික් සමුළුව මෙම වසරේ මැයි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වෙනවා. එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ සිටයි.

එම සමුළුවට සහභාගි වන්න කියා හද පිරි සතුටින් ඔබටත් ආරාධනා කරන්න අප කැමතියි. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමට හෝ මෙම සඟරාවේ සඳහන් ලිපිනයට ලියා විස්තර දැනගැනීමට ඔබට හැකියි. එමෙන්ම www.ps8318.com යන වෙබ් අඩවියෙන්ද ඒ ගැන තොරතුරු ලබාගත හැකියි.